About the සිංහල category

ආයූබෝවන්!

නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන LibreOffice කාර්‍යයාලීය යෙදුම් මෘදුකාගය ඔබට නොමිලේම ලබාගත හැක. ඔබේ සියලුම ලිපි සංස්කරණ කටයුතු (Word Processing), (Spread Sheet), ඉදිරිපත් කිරීම් (Presentation) සහ දත්ත සමුදාය (Database) අවශ්‍යතා සඳහා මෙම මෘදුකාංග භාවිතා කළ හැක.

පාසැල් ඇතුළු සියලු අධ්‍යාපනික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික යන ඕනෑම අංශයක භාවිතය සඳහා නොමිලේම යොදාගත හැකි මෙම මෘදුකාංගය ඔබට හැකි පමණ සේවකයින්, මිතුරන් අතරේ වුවද නොමිලේම බෙදා දිය හැක.

අති විශාල මුදලක් විදේශීය සමාගම් වලට පවරා දීම සඳහා ඔබත් මැලිකමක් දක්වනවා ද? නිදහස් ලොවක් කරා පියනැගීමට ඔබත් කැමතිද? එසේ නම් අදම LibreOffice ලබා ගන්න.

LibreOffice ගැන ඔබේ ගැටලු යොමු කිරීමටත්, ඔබේ දැනුම ප්‍රජාව සමඟ බෙදාගැනීමටත් මේ වේදීකාව භාවිත කරන්න.

ස්තුතියි!